Arewa Girls
We were girls once. The girls you once saw hawking on the streets of Arewa—selling awara, wainan rogo, dan wake…
The online magazine of new writing from around the globe
19 May 2021
යුගයකින් යුගයකට විතැන් වූ නුවර පිට
පවන් මත පවා කව් ලියා පා කළ බිමෙක
නහර ඇට මස් බදා විජිතයේ කපොලු හැර
ප්‍රාණයක් පතිත විය ජීවයක් දී අයැද
වහා ගිනිගෙන දැවුණු විජිතයක පරාජිත
කස තැලුම් පහර කා මුර්ජාව හුන් නුඹට
ආ ලෙසක් නොවිමසා නිදන්නට දී ගැඹුර
නිවන්නට සෑ මතට පැන දැවුනෙමත් මාය
දැල් ඇදුණු මතකයන් නොමිරිකා කබොලු කැණ
හද තැලුම් තව තවා දෙතොලින්ම උරා විස
පලස් බැඳ වියන් යට සැතපුවත් දී සුවය
උමග නුඹ හෑරුවේ නිදා හුන් තැනින්ම ය
රැගෙන ආ යම් දෙයක් ඇතත් නැතිවත් මොකද
ජීවිතය ඇද ඇදා ඇන්දුවේ නම් නුඹය
නුඹ නිදා හුන් බිමින් බොල් හඬක් නැඟි දිනය
ඒ තමා නුඹේ ඇස් මගෙන් විසිවූ දිනය
උමං දොර හැර දමා නුඹව නිදහස් කරමි
යළි හැරෙනු බැරි ගමන් ලොව ඇතැයි සිහි කරමි
මතක් වෙන්නට යමක් නොදී ගිය නුඹ නමිනි
මං මොකුත් නොදුන්නෙත් ගෙනයන්න ඒ බැවිනි
උපෙකලා අතුකෝරළ
ලොවම නිහඬව නිදන
නෙත් අන්ධ රෑ යමෙක
හද විලට සඳ බසින
නිමෙසක ද අහසම හඬන්නේ
වැව් මුවට නැමි නැමී පවනින්
විටින් විට නෙළුමකට මුව දෙන
බකිනි මල් ඉති කොහේ කෙදිනද
තුර’ග හැර දිය මත පිපෙන්නේ
තුඩග කෙමි මත තබා සීරුව
මුදුව රස තැන් උරා බොන බිඟු
කුසුමකට රොද බඳින වේගෙන්
කොහිද ඒ මත වද බඳින්නේ
ඉවුරකින් ඉවුරකට බැඳි බැඳි
කපාගෙන දිය ඇදීගෙන යන
පාරුවක් කවදාද දියවර
හඬට හද දී ගමන් යන්නේ
උපෙකලා අතුකෝරළ
We were girls once. The girls you once saw hawking on the streets of Arewa—selling awara, wainan rogo, dan wake…
The new game Oyin and I invented is called Shock-Me-I-Shock-You. We play it whenever our parents aren't around. Often, Daddy…
The KrisFlyer miles of a dead person cannot be redeemed. The woman on the hotline said it as if she…
Sign up to receive new pieces of writing as soon as they are published as well as information on competitions, creative grants and more.